පෝන් එකේ ඩේට ආයි ගන්න බැරිවෙන්නම මකන්නෙ කොහොමද.



හොහ් හොහ් හෝ....යාලුවනේ..
ඔන්න අදත් අලුත් ලිපියක් ගෙනාව..
අද අපි කතා කරන්න යන්නෙ
කොහොමද ඔයාගෙ පෝන් එකේ තියෙන පොටෝස් වීඩියෝස් වගේ දේවල් ආපහු රිකවරි කරලවත් ගන්න බැරි වෙන විදිහට මකලදාන්නෙ කියල.
මං මේක ලියන්න හේතුව උනේ  අපේ තරුන අයගෙ පෙලක් පර්සනල් වීඩියෝ පොටෝස්  වගේ දේවල් ලීක් වෙලා..අන්තර්ජාලයට  එකතු වීම නිසා..
මේව නිකංම්ම අන්තර්ජාලයට යන්නෙ නෑ..
හිතන්න ඔයාගෙ යම් පොටෝවක් තියෙන පෝන් එකක් ඔයා වෙන කෙනෙක්ට විකුනනව ඒ පොටෝ එක ඩිලිට් කරල.
නමුත් නැවත රිකවරි සොෆ්ට්වෙයාර් එකක් මගිං ඒ පොටෝව නැවත ගන්න පුලුවං..
අපි පෝන් එකේ දෙයක් ඩිලිට් කලාට ඒක සම්පූර්නයෙං ඩිලිට් වෙන්නෙ නෑ. ගැලරිවල නොපෙන්නුවත් මේක නොවැදගත් කරුනක් ලෙස සිස්ටම් එක් සටහන් කරගෙන
ඒක වෙනම තැනක ගබඩා කරගන්නව.
හැබැයි ඔයා ඩිලිට් කරන පයිල් එකක් ඕවරයිට් උනොත් ඒක නැවත ගන්න බැරි විදිහට ඩිලිට් වෙනව.
මොකක්ද මේ ඕවරයිට් කියන්නෙ...?
ඔයාගෙ පෝන් එකේ කිසිම ෆෝල්ඩරයක එකම නම තියෙන ෆයිල් නෑනෙ.. එහෙම කවදාවත් ගබඩා වෙන්නෑනෙ.. පරිගනකයක උනත් එහෙමයි.
පහල පොටෝවෙං ඔයාට ඒක තවත් පැහැදිලි වෙයි.





මෙතනදි අපි කොපි ඇන්ඩ් රිප්ලෙස් එක දුන්නොත් එකම නමක් තිබුන පරන පයිල් එක මැකිල තමයි අලුත් ෆයිල් එක එතනට කොපි වෙන්නෙ. අන්න එතනදි වෙලා තියෙන්නෙ ඕවරයිට් වීමක්..
ඔතිං අර පරන ෆයිල් එක නැවත හොයා ගන්න බැරි විදිහට මැකිල ගිහිල්ල.
ඉතිං මෙන්න මේ ක්‍රමේ මගිං අපිට පුලුවං අපේ පෝන් එකේ විතරක් නෙමේ පරිගනකයේ උනත් තියෙන දත්ත ආපහු ගන්න බැරි වෙන්නම මකල දාන්න..
මේක නිකං කරන්න බෑ..සොෆ්ට් වෙයාර් එකක් හරහා තමයි කරන්න ඕනි.


හොදයි යාලුවනේ ඉතිං ප්ලේයිස්ටෝරි එකට ගිහිං secure eraser කියන ඇප් එක බාගන්න.
මෙතනදි ඔයා සිලෙට් කරගන්න ඕනි ඉන්ට්‍රනල් මෙමරියද SD කාඩ් එකද කියල. රැන්ඩම් කියන එක එහෙම්මම තියෙන්න අරින්න.




ඊට පස්සෙ ස්ටාට් කියන එක දුන්නම ලෝඩ් වෙලා ඔයා සිලෙට් කරපු ස්ටෝරේජ් එකේ තියෙන සියලුම ෆයිල් ආපහු ගන්න බැරි වෙන්නම මැකිල යනව..
තව මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව SUBSCRIBE කරල තියාගන්න.ඒ විතරක් නෙමේ තව කෙනෙක්ට දැනගන්න මේක SHARE කරල සහයෝගයක් දෙන්න.
ස්තූතියි...
...

Comments