කොරෝනා වයිරසයෙං බේරීමට නම් මේවා සිදු කරන්න


හායි යාලුවනේ .හුග කාලෙකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න හිතුව. මේ දවස් වල ලෝකෙම උනුසුම් කරන කොරෝනා කියන වයිරස් එක ගැන ටිකක් දැනුවත් වෙන එක හොදයි කියල හිතුන. ඒකයි මේ ලිපිය ලියුවෙ.

කොරෝනා වයිරසය කියන්නෙ ක්ශීරපායී සතුන්ට සහ කුරුල්ලන්ට වැලදෙන රෝගයක්. 
චීනයේ හුවාන් නගරයේ පිහිටි මාලු වෙලද සැලකිං මේ රෝගය පැතිරෙන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.නමුත් මාලුන්ගෙං නම් නෙමේ එම වෙලද සැලට ගෙනෙන සර්පයින්ගෙන් කියලයි විශ්වාස කරන්නෙ.
 චීනයේ ප්‍රයිඩ් සහ චීන නාගන් යන නාග විශේෂයන්ගෙන් හටගත් බවට එරට විද්‍යයාත්නයන් විශ්වාස කරනවා.


අප මහා බුදුරජාණන් වහන්සේ තමන්ගේ බික්ශූන් වහන්සේලාට අනුබවය තහනම් කරන  ලද මාංශ වර්ග 10 අතරින් එකක් තමයි මේ ශර්ප මස් කියන්නෙත්.
අනිකුත් මාංශ 9ය 

මිනී මස්
අලිමස් (අස්ති මාංශ)
අශ්ව මාංශ
සිංහ මාංශ
වියාග්‍ර මාංශ
දිවි මස්
සුනඛ මාංශ
වලස් මස් 
උර්ක මස් ලෙස නම් වේ.
මේ අතරිං බොහෝ මාංශ ඔවුන් ආහාරය සදහා ගනු ලබනවා.
 
 
චීනජනගහනය අදික වීමත් ඔවුන් අනික් රටවල් වලට වඩා අදික ලෙස සත්වයින් ආහාරයට ගැනීමත් නිසා මෙම වයිරසය ඉක්මනිං පැතිරෙනව.

මෙහි රෝග ලක්ශන වන්නේ

නහයෙං හොටු දියර ගැලීම
කැස්ස
උන සෙම්ගෙඩි
හිසරදය
ඇගපත වේදනාව 
ස්වශන ආබාද ඇති වීම සහ වකු ගඩු වලට කරන බලපෑමත් නිසා මේ රෝගය බයානක බවයි විද්‍යයාත්නයන් පවසන්නේ.

මේ දක්වා මියගිය සියලුම පුත්ගලයන් හර්දයබාද පිලිකා වැනි ශරීරය අඩපන කරන රෝග වලින් පෙලුනු අය වීම විසේසයි.

මෙම වයිරසය පැතිර යන ආකාරය

වාතය හරහා
අත් සේදීමකිං තොරව නිතර නහය කට මුහුන ඇල්ලීම තුලිං. 


වැලකෙන ක්‍රම

අහාර ගැනීමට පෙර පසු වැසිකිලි යාමෙන් පසු සතුන් ඇල්ලීමෙන් පසු  අතේ කුනු ගෑවීමෙන් පසු හොදිං සබන් ගා ගලායන ජලයෙන් අත සේදීම. අත පිස දැමීමට ලේන්සුවක් වෙනුවට ටිශූ එකක් බාවිත කර පිසදැමීමෙන් පසු එම ටිශූ එක කුනු බක්කියට දැමීම.

ඇල්කොහොල් පදනම් කරගෙන හදන අත්පිරිසිදු කාරක හෙවත් හෑන්ඩ්සැනිටයිසර් වර්ගයක් බාවිතයෙන් අත සේදීම.(ඩෙටෝල් දියර වැනි)

කහිනවිට ටිශූ බාවිත කිරීම සහ ඉන්පසු එම ටිශූ කුනු බක්කියට දැමීම.
ටිශූ නොමැති නම් අත් දෙක නැතුව වැලමිටෙන් ආවරනය කර ගැනීම
කිවිසුම් යෑමේදී උවද මෙය කරන්න.

දිනපතා ස්නානය කිරීම

ඔබ පාවිච්චි කරන තුවා රෙදි පිගං කෝප්ප නිතර පිරිසිදුව තබා ගනීම සහ ඔබ සිටින ස්තානයත් පිරිසිදුව තබාගැනීම.

ඔබගේ වතුර බෝතලය ඔබම පමනක් බාවිතා කරන්න.

හැකි සෑම විටම නිවසේ පිලියෙල කරගත් ආහාර පාන බාවිතයට ගන්න.

නගරබද ජනාකීර්න ස්තාන වල ගැවසීම හැකි තරම් අඩු කරන්න. (අනවශ්‍යගමන් බිමන් වැනි දෑ)

ගමන් බිමන් වලදී මුඛ ආවරන බාවිතය

හැම තැනන කෙල නොගැසීම

ජලය වැඩි පුර පානය කිරීම.

පැනිරස කෑම අඩු කිරීම.

ප්‍රතිසක්තීකරන අහාර අනුබවය වගේ දේවල් තමයි

මුලු ලෝකෙටම පශ්නයක් වෙලා තියෙන්නෙ මේකට නිවැරදි බෙහෙතක් නිශ්පාදනය කිරීමයි. ඔන්න දැං
සතුටු දායකම කරුනක් ලෙස ඕස්ටේලියාවේ විද්‍යගාරයකිං මෙයට කදිම උදවුවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් කොරෝනා වයිරයට සමාන වයිරසයක් අලුතෙං නිපදවා තිබෙනවා. මෙය මේ වනවිට ලොව පුරා සියලු විද්‍යයාගාර වෙත යවා ඇති අතර එමගිං මෙම වයිරසය නැති කිරීමට නව එන්නතක් නිශ්පාදනය කිරීම විද්‍යයාත්නයන්ට මහත් පහසුවක් වන බවයි පවසන්නේ.  

Comments